Header Ads

පිට්ටනියක පෙම්සුව විඳිමින් සිටි බාලවයස්කාර ජෝඩු දෙකක් පොලිසියට මාට්ටු වුණු හැටි

ජංගම දුරකථයෙන් ඇතිකරගත් ප්‍රේම සම්බන්ධතාවයක් මත නිවසින් පැනගොස් තරුණයන් දෙදෙනෙකු සමඟ දින හතරක් තිස්සේ පෙම්සුව විඳිමින් සිටි පාසල් සිසුවියන් දෙදෙනෙකු මීට දින දෙකකට පෙර (13) මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාත්‍රී රාජකාරී අවසන් කර නිවස බලා යමින් සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙකු මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ අඳුර ස්ථානයක සැක කටයුතු අයුරින් හැසිරුණු පිරිසක් නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පසුව කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇත්තේ මෙම තරුණියන් දෙදෙනාට අවුරුදු 15ක් බවත් තරුණයින් දෙදෙනාට අවුරුදු 17ක් බවත්ය. මෙම තරුණයින් දෙදෙනා අම්බලන්තොට සහ මාතර කැකණදුර ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවයි පැවසෙන්නේ.

රත්ගම ප්‍රදේශයේ පදිංචිකාරියන් වන මෙම සිසුවියන් දෙදෙනා සමඟ ජංගම දුරකථනයෙන් මෙම තරුණයින් දෙදෙනා ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගෙන ඇත.

හැමදාම දුරකථනයෙන් පෙම්කිරීමට නොහැකි නිසා නිදහසේ පෙම්සුව විදින්න ඔවුන් ඉකුත් 09 වෙනි දා නිවසින් පැමිණ ති‍බේ. එසේ පැමිණ ඔවුන් දින හතරක් පුරා එකට ගතකර ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන්නේ.

වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් සිව්දෙනාව රත්ගම පොලීසියට බාර දී තිබෙනවා.
Powered by Blogger.