Header Ads

පණ වාගේ ආදරේ කරපු පෙම්වතිය වෙනත් තරුණයෙකුට හිත දීලා පැනලා ගිය වේදනාවට ජීවිතයෙන් වන්දි ගෙවූ තරිඳු සඳරුවන්

උඹේ මේ හිනාවෙලා ඉන්න මුණ දැක්කම මට මතක් වුණා අපේ පුංචි කාලේ..

මේ ජීවිත ගමනෙදි අපි හැමෝටම දුක්, කරදර, ප්‍රශ්න වගේම සතුට කියන හැමදේටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

ජීවිතේට ප්‍රශ්නයක් ආවම කෙටිම උත්තරයක් විදිහට ජීවිතේ නැතිකරගන්න මිනිස්සුත් මේ සමාජය ඇතුලේ ඕනෑ තරම් ඉන්නවා.

ආදරේ ජීවිතේ කරගෙන තමන් පෙම් බැඳි තරුණිය වෙනත් කෙනෙක් එක්ක යාළු වුණොත් ඒක ආදරේ කරන හදවතකට දරාගන්න අමාරු වෙන්න පුළුවන්.
ඒත් ඒ වියෝ දුක නිසා තමන්ව මේ ලෝකෙට බිහිකරලා තමන්ව ලොකු මහත් කරපු දෙමව්පියන්වත් අමතක කරලා ජීවිතේ නැතිකරගන්නවා කියන්නේ ඒක ලොකු මෝඩකමක්.

ඒ විදිහට ජීවිතේට ආපු ප්‍රශ්නයක් නිසා ජීවිත ගමන නිමා කළ තරුණ‍ෙයක් ගැන අපිට අහන්න ලැබුණා.

ඔහු තමයි තරිඳු සඳරුවන් ගමගේ.

තරුදු ජීවත්වෙලා තියෙන්නේ දෙහිඅත්තකණ්ඩිය පැත්තේ.

අවුරුදු 22 ක් වුණු තරිදු ආදරේ කරපු පෙම්වතිය මීට ටික කාලෙකට කළින් වෙනත් කෙනෙක් එක්ක පැනලා ගිහින්.

නමුත් ටික කාලයක් ගියාම තරුණියව එයාගේ දෙමව්පියෝ නැවතත් ගෙදරට ගෙන්නගෙන තිබුණා.

ඒත් පණ වගේ ආදරේ කරපු තමන්ගේ පෙම්වතිය තමන්ට දුන්නු මේ දුක උහුලගන්න බැරිව තරිඳු බෙහෙත් පෙති 40 ක් බීලා කියලා එයාගේ යාළුවෙක් අපිත් එක්ක කිව්වා.

ඒ නිසා අක්මාව පුපුරලා තරිඳුගේ ජීවිතේ අහිමිවුණා කියලයි අපිත් සමග ඔහු කිව්වේ.

හැඟීම්වලින් ආදරේ කරලා මේ වගේ තීරණ අරගෙන ජීවිතේ නැතිකරගත්ත තරිඳු නිසා එයාගේ දෙමව්පියෝ මොන තරම්නම් දුක්වෙනවා ඇතිද..?

ප්‍රශ්න කියන්නේ ජිවිතේ එක් කොටසක්. ඒ දේවල්වලට මුහුණදීලා හරි පාරේ යන්න පුළුවන්නම් කෙනෙකුට ජීවිතේ සාර්ථක කරගන්න අමාරු වෙන එකක් නැහැ.

මේ ගැන තරිඳුගේ යාළුවෙක් මුහුණුපොතේ දැමූ සටහනක් පහතින්..

Powered by Blogger.