Header Ads

සනත් ඉල්ලා අස්වුණාද? කටකතා ගැන තිලංග කතා කරයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි පළ වන වාර්තා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල අද අදහස් පළ කළා. ඒ, කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.

තමා එවැන්නක් සම්බන්ධයෙන් දැනුවත් නොමැති බවයි ඔහු එහිදී පැවසුවේ.

ඔස්ටේ‍්‍රලියානු පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කෙරුණු අතර ලසිත් මාලිංග පිළිබඳ අදහස් දක්වමින් ඔහු පැවසුවේ එළඹෙන ලෝක කුසලානය දක්වා මාලිංගගේ සේවය නිසි පරිදි ලබාගැනීම අරමුණ බවයි.
Powered by Blogger.