Header Ads

දැරියකගේ භූත දෝෂය මග අරවන්න කාමරයක් ඇතුළේ කළ අමුතු යාගයෙන් කපුවා කපෝති

මව විදෙස්‌ගතව ඇති දැරියක් සිය මිත්තනිය සමඟ සාත්තරයක්‌ ඇසීමට ගිය අවස්‌ථාවක ඇයට බලවත් භූත දෝෂයක්‌ ඇතැයි පවසා දේවාලයක් පවත්වාගෙන යන කපුවකු විසින් ඇය කිහිප වතාවක්‌ දේවාලයට ගෙන්වා ගෙන ඇත. මේ අතර දැරිය රවටාගෙන මිත්තනියගෙන් මගහරවා කුලියාපිටිය හෝටල් කාමරයකට රැගෙනවිත් අපයෝජනයට ලක්‌කළ බවට සැක පිට කුලියාපිටිය කොස්‌හේන ප්‍රදේශයේ දේවාලයක ප්‍රධාන කපුවා වන මොහු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

14 හැවිරිදි මෙම දැරිය ගැබිණියක් බව අනාවරණ වීමෙන් අනතුරුව, දැරියගේ මිත්තණිය පොලිසියට කළ පැමිණිල්ලක් අනුව විමර්ශන අරඹා තිබෙනවා.
Powered by Blogger.