Header Ads

සල්ලිවලට තම පෙම්වතියට කැත වැඩක් කරපු තණමල්විල පෙම්වතා

උණවටුන ප්‍රදේශයේ දී දාහත් හැවිරිදි තරුණියක් මුදලට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හබරාදුව පොලිසිය සමත් වෙලා තිබෙනවා.

මෙම සැකකරු තණමල්විල ප්‍රදේශයේ පුද්ගලයෙකු වන අතර තරුණිය මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මාතර නගරයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබමින් සිටි ඇය පසුව අධ්‍යාපන කටයුතු අතරමග නතරකර කොළඹ ප්‍රදේශයේ රැකියාවට පැමිණ තිබෙනවා'

කොළඹ මොණරාගල බස්රථයක කොන්දොස්තරවරයෙකු වූ මෙම සැකකරු සමග ඇය ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

අදාල සැකකරු විසින් මෙම තරුණිය විවාහ කරගන්නා බවට පොරොන්දු වී අහංගම - මිදිගම ප්‍රදේශයේ නිවසක් ගෙන පදිංචි වී තිබෙනවා.

එම නිවසේ දී ද ඇයව මුදලට විකිණීම පටන් ගෙන ඇති අතර පසුව උණවටුන මුහුදු වෙරළේදී ද ඇයව විකිණීම සිදුකර ඇති බවයි විමර්ෂණවලදී හෙළිවී ඇත්තේ.

හබරාදුව පොලීසියට ලැබුණු ඔත්තුවක් අනුව සිදුකළ වැටලීමක දී ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
Powered by Blogger.