Header Ads

තෙල් බේත් සාත්තුවක් කරනවා කියලා කාන්තාවකට කැත වැඩක් කරපු කපුවා කපෝති වුණු හැටි

මගේ බිරිඳට සිහි නැතිවෙලා...
ළඟ තිබුණු බුලත් හෙප්පුවෙන් මට ගැහුවා...

ගල්ගමුව, මහගල් කඩවල, අක්කර පහ ප්‍රදේශයේ පදිංචිව සිටි වික්‍රමාරච්චිගේ අජිත් ප්‍රියන්ත හතළිස් දෙහැවිරිදි දෙදරු පියකු ලෙස ජීවිතය ගෙවමින් සිටියේ ය.

දේවාලයක් පවත්වාගෙන යමින් දේවාල කටයුතුවල යෙදෙමින් සිය දරු පවුල හා ජීවත් වූ අජිත් හිටි හැටියේම තම නිවෙස තුළ කපා කොටා මරා දමා තිබුණේ අතිශය බියකරු ලෙසය.
ඔහුගේ දේහය මුල්වරට දකින්නේ ඔහුගේ පුතු ය. ඒ වන විට ඔහුගේ දරුවාත් බිරියත් නිවෙසට නුදුරින් වු නුග ගසක් අසලට ගොස් පුදබිමක් තනා එයට පුද පූජා පැවැත්වීම පිණිස එතැනට ගොස් සිටියහ.

ඒ වන විට අජිත් නිවසේ සිටියේ තනිවමය.

කෙසේ වුවද අජිත්ගේ කෲර ඝාතනය පිළිබඳ පොලිසිය දිගින් දිගටම විමර්ශන කළේය.

දරුවා හා බිරියද කැටිව දංකොටුවේ අක්කර පහ ප්‍රදේශයෙට පැමිණි අජිත් මුලින්ම කළේ ගොවිතැන් වැඩය.

කලක් ගතවන විට ඔහු අංජනම් එළි බැලීම හා ශාස්ත්‍රකීමට පටන් ගත්තේය.

ඔහුගේ බිරිය පවසන ආකාරයට අජිත් සාස්තර කීමෙන් මුදල් හරිහම්බ කළ අයකු නොවීය.

ඔහු මුල්තැන දුන්නේ මනුස්සකමටය. ඔවුන් පදිංචිව සිටි නිවෙස පවා ගොඩ නගා ගත්තේ ඔහුගේ බිරිය වු ඉන්ද්‍රා කාන්ති විදෙස් රැකියාවක නිරත වී උපයාගත් මුදලිනි.

අජිත්ගේ මරණය සම්බන්ධයෙන් පැවැති පරීක්ෂණයේදී මියයන්නට කලින් අජිත් සොයා පැමිණි පුද්ගලයකු හඳුනාගැනීමට පොලිසියට හැකිවිය. ඔහු මීට මාස කිහිපයකට පෙර ද අජිත්ලාගේ නිවෙසට පැමිණ ඇත.

ඒ ඔහුගේ බිරිය සුවපත් කර ගැනීම සඳහාය. අසනීපයෙන් පසුවන බිරියට ශාන්ති කර්මයක් කොට සුවපත්කොට දෙන ලෙස ඔහු අජිත්ගෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව ඔහු නිතරම පාහේ මේ දේවාලයට ආවේය.

වැඩකටයුතු කරගන්නට තමා අත මුදල් නොමැති බව ඔහු අජිත්ට කීවේය. ඉන් සිත උණු වූ අජිත් සියලු යාතිකා ශාන්තිකර්ම නොමිලයේම කරදීමට කැමැත්ත පළ කළේය.

කලකට පසු එම යුවළ මෙවර පැමිණියේ රෝගී තත්ත්වය යහපත් බව පවසන්නටය.

එදිනද අජිත්ගේම දෑතින් සාදා දුන් කෝපි කෝපපයක් ද බිව් ඔවුන් එම නිවෙසේම රැඳී සිටියේ වෙනදා පරිදිය.

පුළුල් විමර්ශනයක යෙදුණු ගල්ගමුව පොලිසිය හඳුනාගත් මෙම පුද්ගලයා සොයා යාමට තීරණය කළේය.

ඒ අනුව තොරතුරු ලැබුණේ සැකකරු කොළඹ ඉදිකිරිම් වැඩ බිමක සේවය කරමින් සිටින බවය. ඒ අතරතුර සැකකරු නීතිඥයකු මාර්ගයෙන් පොලිසීයට බාර විය.

ඉන් අනතුරුව සැකකරු පොලිසිය හමුවේ කියා සිටියේ අමුතුම කතාවකි.

"මගේ බිරිඳට සෙත් ශාන්තියක් කරන්නත් වෙදකම් කරන්නත් අපි අජිත්ගේ ගෙදර නිතර ආවා ගියා.

දවසක් මාව බෙහෙතක් ගේන්න කියලා පිටත් කරලා එයා මගේ ගෙදර නැවතුණා.

ඊට පස්සේ මගේ බිරියව කාමරයට අරගෙන තෙල් බේත් සාත්තුවක් කරනවා කියලා මගේ බිරියට අතවර කරලා තියෙනවා.

ඒ වෙලාවේ මගේ බිරියට සිහි නැතිවෙලා. ඇය මට ඒ ගැන කිව්වා. පොලිසියටත් කියලා තියෙනවා. මම එදා ගෙදර ආපු දා අජිත් මුණ ගැහිලා මේ කතාවේ ඇත්ත නැත්ත ඇහුවා.

ඒ වෙලාවේ ළඟ තිබුණ බුලත් හෙප්පුවෙන් එයා මට දමලා ගැහුවා. මාව තුවාල වුණා. එතකොට මම එතැන තිබුණු පිහිය අරගෙන එයාගේ පපුවට ඇන්නා.

පස්සේ දෙන්නම පොර බැදුවා. එයා කැත්තත් අරගෙනයි හිටියේ. පොරබදන ගමන් මගෙන් එයාට කැති පහර කිහිපයක් වැදුණා."

සැකකාර පුද්ගලයා අජිත්ව මරා දමා නිකම්ම ගියේ නැත. තියුණු පිහියකින් ඔහුගේ රහසඟද කපා කැලෑ රොදට විසිකර දැම්මේ හිතපුරා ඇවිලෙන වෛරය විදහාපාන අතෙර්ය.

සැකකරු මොනවා කීවත් අජිත්ගේ බිරිය වැළපුණේ තම සැමියා එළෙස නරක මිනිසකු නොවන බවට දස අතේ දිවුරමිනි.

"මගේ මහත්තයා සිගරැට් අරක්කු කටේ තියන කෙනෙක් නොවේ.

ඕන තරම් ගැහැනු අය මෙහේ ඇවිත් වෙද හෙදකම් කරවාගන්නවා. කාටවත් වරදක් වෙලා නැහැ.

මේකට ඇත්තටම හේතුව මොකද්ද කියලා පොලිසිය හොයාගනීවි.

මගේ මහත්තයාට මේ කරන අපවාදය. මට නම් ඉවසන්න බැහැ. මගේ මහත්තයාගේ ජීවිතේ නැති කරලා ඒ මදිවට මහපොළොව නුහුලන කතා කියනවා.

අවුරුදු අටක පුංචි දරුවා එක්ක අපි අසරණ වුණා." ඇය වැළපෙමින් පැවසුවාය.

අපරාධයට යොදාගත් බවට සැක කළ හැකි ලේ තැවැරුණු පිහියක් හා කැත්තක් අපරාධය සිදු වූ ස්ථානයේම වැටී තිබී පොලිසියට හමු විය. එම නඩු භාණ්ඩද සමඟ අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

කෙසේ වුවද කළ අපරාධයට දඬුවම් කෙදිනක හෝ ලැබෙන බව ලෝ දහම අනුව පැහැදිලිය. අපරාධයක් කොට කිසිදා සිතේ සැනසීමෙන් කිසිවකුට ජීවත් විය නොහැකිය.

සත්‍ය කුමක් වුවත් දරු පවුල් දෙකක් අසරණ වුයේ එක් අයකුට ජීවිතයත් අහිමි කරමිනි. අජිත්ගේ බිරිය හා දරුවාට හව්හරණක් නොමැති විය. සැකකරු ද එක් දරු පියෙකි.
Powered by Blogger.