Header Ads

පිඹුරෙක් කෙල්ලෙකුගේ කනෙන් රිංගලා

ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ කාන්තාවකගේ කන් සිදුරේ පිඹුරු පැටියෙකු සිරවීමේ පුවතක් වාර්තාවේ. මේ සිදුවීමට මුහුණ දුන්ඈෂ්ලි ග්ලෙව් රෝහලට ගොස් සිටියදී ගත් ඡායාරූපයක් ඇගේ අත්දැකීම ද සමග ෆේස්බුක් පිටුවේ පළ කොට තිබුණි.

ඇය එහි සඳහන්කර තිබුණේ තමා විසින් සුරතලයට ඇතිකරනු ලබන 'බාර්ට්' නම් පිඹුරු පැටවා අතටගෙන සුරතල් කරමින් සිටියදී ක්ෂණයකින් තම කන් පෙත්තේ වූ සිදුරින් ඇතුල්වී එහි සිරවූ බවයි.
නවීන විලාසිතාවට අනුව ඇය තම කන්පෙත්තේ තරමක් විශාල සිදුරක් සකසාගෙන තිබිණි.

" ඒ ඔක්කොම වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. අඩුතරමින් මොකක් වෙනවද කියල මටවත් හිතාගන්න බැරි තරම් ඉක්මනට ඒක වුණා" යනුවෙන් ඇය සඳහන් කර තිබුණි.

කන් සිදුරෙන් ඉවතට ගැනීමේදී ඇය තම සුරතල් පිඹුරු පැටවාට තුවාලයක් වේ යැයි බියවූ නමුත් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එවැන්නක් සිදු නොවූ බවය.

වෛද්‍යවරුන් තමාගේ කන හිරිවැටෙන්නට සලස්වා කන් පෙත්ත නොකපා පිඹුරාට ද හානියක් නොවන ලෙස ඌ කන් සිදුරෙන් ඉවතට ගැනීමට සමත්වූ බව ඇය තම අන්තර්ජාල මිතුරු මිතුරියන්ට පවසා තිබුණි.

Powered by Blogger.