Header Ads

බිරිඳගේ සුන්දරත්වයට වෛර කළ සැමියාගේ වෙනස් වූ ආලය ගෙල හරහා උතුරා ගිය හැටි

ජීවිතේ හරි වැරැද්ද තේරුම් ගන්න බැරි මිනිස්සු අනෙකාව රිද්දන්නේ හිතක් පපුවක් නැතිව.

මත්පැන්වලට ඇබ්බැහි වුණු මිනිස්සුත් තමන් කරන්නේ මොකක්ද කියන එකවත් දන්නේ නැහැ.

අපි මෙහෙම කියන්න හිතුවේ මත්කුඩුවලට ඇබ්බැහි වුණු සැමියෙක් තමන්ගේ බිරිඳට සාහසික විදිහට පහරදුන්නු සිද්ධියක් නිසා.

අද කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට කාන්තාවක් ඇවිත් තිබුණේ තමන්ගේ සැමියා පිහි තලයකින් බෙල්ල කපලා තිබුණු නිසා.

මේ ගැන ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොසියා සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා.

එම සටහන පහතින්...

බොහෝ පිරිමින් කාන්තාවන්ට වසග වන්නේ ඇයගේ සුන්දරකමටය.

එය ඔවුන් ප්‍රකාශ කළවිට ඇයටද දැනෙන්නේ ඉමහත් සතුටකි

ඇය තමා ඉතා සුන්දරයි කිව්ව ඔහුටම ප්රේම කළා ,ඔහුවම කසාද බැන්දා ඒත් එක්කම දරැ පැටියෙකුත් ඇයට ලැබුණා .

ඒ සුන්දරකමට විවාහ වූවාට , එදින සිටම බොහෝ පිරිමින්ගේ සැකයට හේතුවද මේ සුන්දරකමමයි කියලා ඇය කීයකටවත් හිතන්නැතිව ඇති.

ඊය පස්සෙ තමයි ඇය දන්නේ ඔහු මත්කුඩුවලටත් ඇබ්බැහි වූ කෙනෙක් කියලා. ඇයගේ සුන්දරකමට ඔහු වෛර කළා විතරක් නොවෙයි එය අවලස්සන කරන්න ඇයට නොයෙකුත් වධ හිංසා කළා.

ඇය පරක්කු වුනත් ඝෘජු තීරණයක් ගත්තා .වහාම ඔහුගෙන් වෙන් වෙලා දෙමාපියන් ලගට ගියා. නමුත් ඇයට හැම නිතරම ඔහු හිරිහැර කරනවා. අද තවත් එක් දවසක්...................... ඇය පාරට බැස්සෙ ගමනක් ගන්නයි. නමුත් ඇයගේ පිටුපසින් පැමිණ ඔහු ඇයගේ සුන්දර මුහුණ බ්ලේඩ් තළයකින් කැපුවා.............

මේ සෑම කරදරයකටම මුහුණ දෙමින් මැරි මැරී ජීවත් වන ඇයට තවම වයස අවුරැදු 26 යි.............

ආදරය සුන්දරය. ???????????????

Powered by Blogger.