Header Ads

මුහුණු ආවරණ කරගෙන කොල්ලකෑම්වල යෙදෙන දෙදෙනෙකු කොටුකරගන්න පොලිසිය සහය පතයි

බස්නාහිර පළාතේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මුහුණු ආවරණය කරගත් ආයුධ සන්නද්ධව පුද්ගලයන් දෙදෙනෙකු මූල්‍ය ආයතන කොල්ලකෑමේ යෙදෙන ආකාරය ඇතුලත් ආරක්ෂිත කැමරා දර්ශන පොලීසිය අද මාධ්‍ය වෙත නිකුත් කළා.

පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පිළිබදව තොරතුරු ඇත්තනම් දැනුම්දෙන ලෙසයි.

බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශවල මූල්‍ය ආයතන කිහිපයක්ම කොල්ලකා ඇති මෙම පුද්ගලයින් දෙදෙනා දහවල් කාලයේ එම ආයතන වලට ඇතුළු වන්නේ මුහුණ ආවරණය කරගනිමින්.

පොලීසිය පවස්නනේ යතුරු පැදියකින් ආයුධ සන්නද්ධව පැමිණෙන මෙම කොල්ලකරුවන් දෙදෙනා සේවකයන් බිය ගන්වා මුදල් කොල්ලකා පලා යන බවයි.

ඒ අනුව වත්තල කිරිබත්ගොඩ යන ප්‍රදේශවල පෞද්ගලික මූල්‍ය ආයතන දෙකක්ද අරකාවිල ප්‍රදේශයේ ප්‍රා දේශිය සංවර්ධන බැංකුවද පානදුර දකුණ ප්‍රදේශයේ වෙළඳ ප්‍රදර්ශනාගාරයක් ඇතුළු මූල්‍ය ආයතන කිහිපයක්ම මොවුන් කොල්ලකා තිබෙනවා.

මෙම කොල්ලකරුවන් දෙදෙනා පිළිබදව විමසිල්ලෙන් සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලාසිටින පොලිසිය ඔවුන් දෙදෙනා පිළිබදව කිසියම් තොරතුරක් ඇත්නම් 071-8592604 / 071-8591840 / 071-8591596 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා.

Powered by Blogger.