Header Ads

දකුණ හෙල්ලු ‘පොඩි ලැසී’ අල්ලයි

දකුණු පළාතම බියවද්දමින් ත්‍රිත්ව ඝාතනයක් ඇතුළු පුද්ගල ඝාතන රැසක් සිදුකළ බව පැවසෙන දකුණේ පාතාල නායක ˜‍පොඩි ලැසී˜‍ ඇතුළු ඔහුගේ ගෝලයකු ගිනි අවි සමඟ අම්බලන්ගොඩ පොලිසිය මඟින් ඊයේ (09දා) අත්අඩංගුවට ගෙන ඇත.

රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනය සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි සහ මාදම්පේ වෙළෙඳසලකදී එකම පවුලේ මව, පියා සහ දරුවා වෙඩිතබා ඝාතනය කිරීමේ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන්ද ˜‍පොඩි ලැසී˜‍ නමැත්තා පොලිසිය විසින් සොයමින් සිටි අයෙකි.

මීට අමතරව පසුගිය කාල සීමාවේ අම්බලන්ගොඩ, ඇල්පිටිය යන ප්‍රදේශවල සිදුවූ මනුෂ්‍ය ඝාතන රැසකටද ˜‍පොඩි ලැසී˜‍ නමැත්තා සම්බන්ධ බවට පොලිසිය සඳහන් කරයි. ඇරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා (28) නොහොත් ˜‍පොඩි ලැසී˜‍ සහ කළුදේව උදාර සම්පත් (22) යන මේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී ටී-56 වර්ගයේ ගිනි අවියක්, මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ හෙරොයින් ග්‍රෑම් 04ක පමණ ප්‍රමාණයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

මොවුන් දෙදෙනා මීටියාගොඩ ප්‍රදේශයේ රතු පැහැති සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

මේ සැකකරු මුල් වී දකුණු පළාතේ සිදුකෙරෙන හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් පොලිසිය වෙත තොරතුරු ලබාදීම මත එම ඝාතන සිදුකර ඇති බවට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබන පොලිස් කණ්ඩායම් සැකකරනු ලබයි.

මේ ඝාතන කල්ලියට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. එෆ්.යූ. ප්‍රනාන්දු මහතා, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සහ ඇල්පිටිය කොට්ඨාස භාර නිලධාරි නිහාල් තල්දූව යන නිලධාරීන්ගේ මෙහෙයවීම හා උපදෙස් අනුව අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක මහින්ද විල්ලෝරආරච්චි සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිහ යන නිලධාරීහු වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරනු ලබති.

Powered by Blogger.