Header Ads

69 වන නිදහස් දින සැමරුමේදී අහස ලස්සන කළ පැරෂුට් සංදර්ශනය

69 වන නිදහස් දිනය අභිමානයෙන් සැමරූ අද දිනයේදී වෙනත් වසර වලට වඩා වෙනස් ආකාරයේ සංදර්ශන රැසක් දැක බලා ගැනීමට හැකිවුණා.

මෙවර නිදහස් දින උළෙලේදී දක්නට ලැබුණු වඩාත් ආකර්ශනීය අංගය වුණේ පැරෂුට් සංදර්ශනයයි.

එසේම සෙසු වසරවලට වඩා විශාල ගුවන්භටයින් පිරිසක්ද ඒ සදහා සහභාගී වී සිටියා.
යුධ හමුදාව නියෝජනය කරමින් 21 දෙනෙකුත්, නාවික හමුදාව නියෝජනය කරමින් 5 දෙනෙකුත්, ගුවන් හමුදාව නියෝජනය කරමින් 12 දෙනෙකුත්, පොලිස් විශේෂ කාර්ය බලකාය නියෝජනය කරමින් එක් නිළධාරියෙකුත් මේ සංදර්ශනයට සහභාගී වුණා.

එසේම අඩි 6000 සීමාවේ සිට එක් පැරෂුට් කණ්ඩායමක් සහ අඩි 10000 සීමාවේ සිට තවත් පැරෂුට් කණ්ඩායමක් ජාතික ධජ සහ ත්‍රිවිධ හමුදාවේ ධජ රැගෙන නිදහසේ අභිමානය විදහා පාමින් ගාලු මුවදොර පිටියට ළඟා වුණා.

එසේම මෙවර දක්නට ලැබුණු තවත් විශේෂත්වයක් වන්නේ පසුගිය වසරවලට වඩා ගුවනේ දී ඔවුන් විසින් විවිධ වර්ණ රටා මවමින් නිදහස් උත්සවයට තවත් අලංකාරයක් එක් කිරීමට සමත් වීමයි.

පැරෂුට් සංදර්ශනයේ වීඩියෝව පහතින්...

Powered by Blogger.