Header Ads

මහ රෑ ජාමෙ පාදුක්කම භීතියෙන් මුසපත් කරමින් හොල්මන් කළ සුරූපී තරුණිය කොටුවුණු හැටි

මාස දෙකක පමණ කාලයක සිට පාදුක්ක ප්‍රදේශයේ දිවා රාත්‍රී සැරිසැරූ 17 හැවිරිදි තරුණියක් පිළිබඳ පාදුක්ක ප්‍රදේශයෙන් තොරතුරු දැනගන්නට ලැබෙනවා.

එම ප්‍රදේශයම රාත්‍රී කාලයේ පාරේ යන පුද්ගලයන් භීතියට පත් කරමින් සැරිසැරූ මෙම තරුණිය දවහල් කාලයේ දී කඩපිල්වල දී පමණක් අහම්බෙන් දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීන් පැවසුවේ.

මෙම තරුණිය පිළිබඳ සැක සිතූ ප්‍රදේශවාසීන් විසින් ඒ පිළිබඳ පොලීසියට දැනුම් දීමෙන් පසු ඇය අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

ඇය සතුව සිය අනන්‍යතාවය සහතික කිරීම සඳහා කිසිදු ක්‍රමයක් තිබී නැති අතර ඒ නිසා වැඩිදුර ප්‍රශ්න කිරිම් සිදු කිරීමේදී ඇය කිසිදු වචනයක් හෝ කතා නොකර නිහඬව සිට තිබෙනවා.

මේ නිසා ඇයව පොලිසිය විසින් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

Powered by Blogger.