Header Ads

දරුපල ලබාදීමට ඇඳුම් ගලවලා,තෙල් ගාලා අමුතුම පූජාවක්‌ කළ කපුවෙකුට වැඩ වැරදුණු හැටි

කළුකුමාර දිෂ්ඨිය ඉවත්කොට කාන්තාවකට දරුපල ලබාදීමට අමුතුම ආකාරයක පූජාවක්‌ කිරීමට සැරසුණු නාගොල්ලාගොඩ ප්‍රදේශයේ දේවාලයක කපුවෙකු බිංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවනවා.

පසුගිය දිනෙක හල්මිල්ලවැව ගනේගොඩ ප්‍රදේශයේ නිවසක පූජාවකට සහභාගි වූ මෙම කපුවා හමු වූ එම ප්‍රදේශයේ 34 හැවිරිදි විවාහක කාන්තාවක්‌ තමාට දරුපල නොමැති අතර කළයුතු පුද පූජාවන් පිළිබඳව කරන ලද විමසුමකට අනුව පසුගිය 13 වැනි දින නාගොල්ලාගොඩ පිහිටි තම දේවාලයට සවස්‌ කාලයේ නා පිරිසිදු වී අවශ්‍ය තෙල්මල් පූජා වට්‌ටි ද රැගෙන එන ලෙස දන්වා තිබෙනවා.
ඒ අනුව සැමියාත් සමඟ එදින සවස දේවාලය වෙත ගොස්‌ ඇති අතර සැමියා එළියේ නවතා තැබූ කපුවා බිරිඳව අදාළ ශාන්තිකර්මය කිරීමට දේවාලය තුළට රැගෙන ගොස්‌ ඇති බවයි වාර්තාවුණේ.

දේවාලය තුළ තිර තුනක්‌ ඇතුළට කැඳවා ගිය ආතුර කාන්තාවගේ ළමැද තෙල් ගැල්විය යුතු බව පවසා උඩුකය නිරුවත් කොට කපුවා විසින් තෙල් ආලේප කොට පසුව කාන්තාවගේ රහස්‌ ප්‍රදේශවල ද තෙල් ආලේප කොට කපුවා නිරුවත් වී ඇති බවයි පැවසෙන්නේ.

අදාළ අලුත්ම පූජාව ගැන බියට පත් කාන්තාව දේවාලයෙන් එළියට පැන සැමියා සමඟ ගොස්‌ බිංගිරිය පොලිසියට අදාළ සිදුවීම පිළිබඳව පැමිණිලි කර තිබෙනවා.

සැකකාර කපුවා අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීන් එම දේවාලයට යෑමත් සමඟ කපුවා පලාගොස්‌ ඇති අතර නැවත ඊයේ (14) බිංගිරිය පොලිසියට බාර වී තිබෙනවා.
Powered by Blogger.