Header Ads

දුවගෙයි බෑනාගෙයි මැද්දට පැනපු නැන්දම්මට බෑනා ඇඟ හිරිවැටෙන්න කරපු වැඩේ

ආරවුලක් බේරීමට උත්සාහ කළ නැන්දම්මෙකුට දත් පහක් අහිමි වී තුවාල ලබා ඇතැයි පෑලියගොඩ පොලිසිය පවසනවා.

සිය දියණිය සහ බෑනා අතර ඇතිවූ ආරවුලක් බේරීමට යාමේදී එම කාන්තාව (නැන්දම්මා) මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තාවන්නේ.
පහරකෑමට ලක්වූ කාන්තාව ඇයගේ දියණිය සහ බෑනා සමග එකම නිවෙසක පදිංචිව සිටිනවා. පෙදරේරු වෘත්තිය කරන බෑනා සෑම දිනකම මත්පැන් පානය කර නිවෙසට පැමිණෙන බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

ඔහු මේ අයුරින් පසුගියදා නිවෙසට පැමිණ සිය බිරිඳ හා සුපුරුදු ලෙස බහින් බස් වී අනතුරුව සිදුවූ සිද්ධියකට මෙම පහරදීම සිදුකර ඇතැයි පැවසෙනවා.

බරපතළ තුවාල ලද මව රෝහල් ගත කළ දියණිය සිය සැමියාට විරුද්ධව පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ‍ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් බෑනාගේ ප්‍රහාරයට ලක්වූ එම කාන්තාව‍ගෙන් මෙතෙක් ප්‍රකාශයක් ගෙන නැහැ.
Powered by Blogger.