Header Ads

කථිකාචාර්යවරයෙකු සිසුන් දෙදෙනෙකුට කරන අමානුෂික වැඩක්

වයඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු විසින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුට පහරදෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් ලැබී තිබෙනවා.

එම සිසුන් දෙදෙනා මාර්ගය අසල සිටින අවස්ථාවේ එම ස්ථානයට පැමිණෙන කථිකාචාර්යවරයා විසින් එක්වරම මෝටර් රථයෙන් බැසවිත් මෙම සිසුන් දෙදෙනාට පහරදෙන අයුරු මෙම වීඩියෝවේ දැක්වෙනවා.

පසුව ඔවුන් එම ස්ථානයෙන් එළවාදමන කථිකාචාර්යවරයා ඔවුන් පැමිණි පා පැදියද විසිකර දමන්නේ දැඩි කෝපයකින්.
කෙසේ වෙතත් පසුව අදාළ සිදුවීම පිළිබඳව සිසුන් විසින් පන්නල පොලිසිය වෙත පැමිණිලි කර තිබෙන අතර අදාළ සිදුවීම පිළිබඳව පන්නල පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ අදාළ සිදුවීම පිලිබඳ විමර්ශනයක් සිදුකළ බවයි.

එහිදී විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයා අත්අඩංගුවට ගෙන සාක්ෂි විමසා සිදුවීම පිලිබඳව වැඩිදුර විමර්ශනයට සමථ මණ්ඩලය වෙත යොමුකළ බවද පොලිසිය සඳහන් කළා.

අදාළ පහරදීම දැක්වෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පහතින්.



Powered by Blogger.