Header Ads

ට්‍රම්ප් මග යමින් අරාබිකරයේ ‘ඉස්ලාම් රටකුත්‘ ඉස්ලාම් රටවල් 5කට වැට බඳී

ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් 7ක් සඳහා ඇමරිකාවට ඇතුළුවීම වළක්වාලමින් නීති පැනවීමත් සමග කුවේටයත් එවැනිම තීරණයක් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව රටවල් 5කට කුවේටයට ඇතුළුවීම තහනම් කරමින් එරට රජය නියෝගයක් නිකුත් කර ඇත.

සිරියාව, ඉරාකය, පකිස්තානය, ඇෆ්ගනිස්ථානය හා ඉරානය යන රටවල පිරිස් සඳහා කුවේටයට ඇතුළුවීම තහනම් කර ඇත.

අන්තවාදී ඉස්ලාමීය සංවිධාන තම රටට ඇතුළුවීම වැළැක්වීම මෙහි අරමුණ බව කුවේට් රාජ්‍යය සඳහන් කරයි.
Powered by Blogger.