Header Ads

විවාහයේදී පොරොන්දු වුණු දෑවැද්ද නොදුන් නිසා මනාළියට අත්වුණු අවාසනාවන්ත ඉරණම

සෑම පැයකට වරක්ම ඉන්දියාවේ කොහේ හෝ තැනකදී මනාලියක් පුලුස්සා මරණ බව පෙනෙන්නට තිබේ.

දැවැද්දක් නැතිව අද ඉන්දියාවේ මංග්‍යලයක් සිදුවෙන්නේ කලාතුරකිනි. විශේෂයෙන්ම ඉන්දියාවේ ගම්බද පළාත්වල මගුල්තුලා සිදුකෙරෙන්නේ දැවැද්ද මුල්කරගෙනය.

දැවැද්දට අමතරව විවාහවීමට බලාපොරොත්තු වන තරුණයා මනාලියන්ගෙන් මුදල් ද බලාපොරොත්තු වෙයි.
පසුගිය අවුරුද්දේ ඉන්දියාවේ ජග්පුර් ප්‍රදේයේදී විවාහ මංගල්‍යයක් සිදුවිය.

මෙම විවාහයේදී මනාලයා බලාපොරොත්තු වූ දැවැද්ද මුලින් ලැබිණ. ඒ සමඟම ඔහු විශාල මුදලක් ද මනාලියගෙන් ඉල්ලා සිටියේය.

එය සතියකින් දෙන බවට මනාලියගේ පියා පොරොන්දු විය. විවාහය සිදු වී සතියක් ගෙවී ගියද පොරොන්දු වූ මුදල ලැබුණේ නැත. මනාලයාට යකා නැංගේය.

ඔහු සිය බිරිඳ (මනාලියට) මුදල් ඉල්ලා පහර දුන්නේය. අන්තිමට මෙම පහරදීම නතර වුයේ සිය බිරිඳගේ සිරුරට ගිනි තැබීමෙනි.

ඔහු සිය බිරිඳගේ සිරුරට භූමිතෙල් වත්කර ගිනි තැබුවේය. මෙම ගිනි තැබීමට මනාලයාගේ දෙමාපියෝ ද උදව් කළහ. පොලිසිය පැමිණ තරුණයා (මනාලයා) අත්අඩංගුවට ගත්තේය.

ඉල්ලන දැවැදී නොදෙන තරුණියන්ට ගිනි තැබීම ඉන්දියාවේ නීති ගත නොවූ වත් එය ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වන චාරිත්‍රයක් බැවින් පොලිසිය අත්අඩංගුවට ගත් තරුණයා පසුව මුදා හැරීයේය. මෙවැනි සිදුවීම එකක් නොව කිහිපයක්ම පසුගියදා ඉන්දියාවේ පළාත් කීහිපයකදී සිදුවිය.

දැවැදි ගැනීම නීති විරෝධී ක්‍රියාවක් බව ඉන්දියා රජය ප්‍රකාශයට පත් කළේ 1961 දීය. එහෙත් එය තදින්ම ක්‍රියාත්මක නොවන බව තවමත් සිදුවන මනාලියන් පුලුස්සා මරා දැමිමේ ක්‍රියාවලියෙන් පෙනී යයි.

සමහර මනාලයන් මුදල් නොදෙන මනාලියන් පුුලුස්සා දමන්නේ නයිලෝන් සාරියක් මත සිට ගැනීමට තැබීමෙනි. මෙහිදී නයිලෝන් සාරියට බුමිතෙල් වත්කර ගිනි තැබීම සිදු කරන බව කියති. ආහාර පිසීමේදී සාරිය ගිනි ඇවිලීමෙන් බිරියගේ මරණය සිදු වී ඇතැයි පොලිසියට පැමිණිලි කරන්නෝද සිටිති.

දැවැදි නොදෙන තරුණියන් පුලුස්සා මරා දැමීම 1990 දී සිට වැඩිවෙමින් පවතින බව ඉන්දියානු පොලිසිය කියා සිටියි. නවදිල්ලියේ පිහිටා ඇති දැවැදි විරෝධි පෙරමුණක් 1996 දී රජයට බලකරමින් කියා සිටියේ දෙමාපියන් අපහසුතාවයට පත්කරනු ලබන මෙම දැවැදි නීති රීති වෙනස් කර ඔවුනට සහනයක් ලබා දෙන ලෙසය.

දැවැද්දට ඉල්ලු මුදල නොලැබුණ නිසා ඉන්දියාවේ ලක්නව් ප්‍රදේශයේ තරුණයකු සිය බිරිඳ පුලුස්සා දැම්මේය. ඉන්පසු ඔහු පළාතෙන් පළාගොස් වෙනත් ප්‍රදේශයක සැඟවී ගත්තේය. තරුණියගේ දෙමාපියෝ මේ ගැන පොලිසියට පැමිණිලි කළහ.

පොලිසිය තරුණයා සොයා ඔහුගේ නිවසට පැමිණියේය. ඔහු රැකියාවක් සඳහා පිට පළාතකට ගොස් ඇතිබව ගෙදර ඇත්තෝ පොලිසියට දන්වා සිටියහ. ඔහු රැකියාව සඳහා ගියේ කොයි පළාතට දැයි පොලිසිය ප්‍රශ්න කර සිටියේය.

ඔහු අග්‍රා ප්‍රදේශයට ගිය බව දැනගත් පොලිසිය ඉන්පසු එම ප්‍රදේශයේ ඇති පොලිසියට මේ බව දන්වා මෙම පුද්ගලයා අත්අංගුවට ගන්නා මෙන් ඉල්ලා සිටියේය.

පොලිසිය ඔහුගේ හැඩහුරුකම් ද දන්වා සිටියේය. අග්‍රා ප්‍රදේශයේ පොලිසිය මිනී මරු තරුණයා සොයා හැම ඉසව්වක්ම සෝදිසි කිරීමට පටන් ගත්තේය.


සති දෙකක් ඇතුළත් වී තරුණාය. අත්අඩංගුවට ගත් පොලිසිය ඒ බව ලක්නව් පොලිසියට දන්වා සිටියේය.

මිනීමරු තරුණයා බේරා ගැනීමට ඔහුගේ දෙමාපියෝ නීතිඥ සහය පැතූහ. එහෙත් තදින් සිටි පොලිසිය ඔහු මිනී මැරුමේ චෝදනා මත උසාවියට ඉදිරිපත් කළේය. බිරිඳ පුලුස්සා මරා දැමීමේ නඩුව විභාග කරන ලද්දේ මාර්කන්ඩ් කට්ජු නමැති විනිශ්චය කරුණු ඉදිරියේ දීය.

දැවැදි ප්‍රශ්නය මුල්කරගෙන සිය බිරිඳ පුලුස්සා මරා දැමු තරුණයාට ජීවිතාන්තය දක්වා සිර දඬවමක් ලබාදීමට කට්ජු විනිශ්චය කාරයා තීරණය කළේය.නඩු තීන්දුව දෙමින් ඔහු කියා සිටියේ මෙම මිලේච්ඡ ක්‍රියාව ඉන්දියාවෙන් තුරන් කිරීමට කාලය එළැඹ ඇති බවය.
Powered by Blogger.