Header Ads

ට්‍රම්ප්ගේ සරාගී දියණිය නිසා ඇමරිකාව උණුසුම් වෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණියක් වන ඉවන්කා ට්‍රම්ප්ට අයත් විලාසිතා වෙළඳ ව්‍යාපාරය මුහුණ දී ඇති වත්මන් තත්ත්වය පිළිබඳ එරට දේශපාලන වේදිකාව තුළ උණුසුම් කතාබහක් මතුවෙමින් පවතිනවා.

එවැනි තත්ත්වයක් උද්ගත වී තිබෙන්නේ අමෙරිකාවේ සුඛෝපභෝගී විලාසිතා වෙළඳසැල් ජාලයක්වන 'නෝර්ඩ්ස්ටෝම්' වෙළඳ සමාගම ඉවන්කාගේ විලාසිතා අලෙවිය නතර කිරීමත් සමග බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ජනාධිපති ට්‍රම්ප් පවුලේ සාමාජිකයන් සමඟ ව්‍යාපාර සිදු කරන වෙළඳසැල් වර්ජනය කරන ලෙස ඔහුගේ පාලනයට එරෙහි ක්‍රියාධරයෝ අමෙරිකානු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණා.

කෙසේ නමුත් නෝර්ඩ්ස්ටෝම් වෙළඳ ජාලය පවසා ඇත්තේ අලෙවිය පහළ යෑම හේතුවෙන් ඉවන්කාගේ විලාසිතා නිෂ්පාදන මිලදී ගැනීම නවතා දැමූ බවයි.

සිය පියාගේ උපදේශිකාවක් වශයෙන් කටයුතු කරන ඉවන්කා සපත්තු, අත් බෑග් ඇතුළු නිමි ඇඳුම් නිෂ්පාදන ව්‍යාපාරයක් පවත්වා ගෙන යන්නියක් බව සඳහන්.

අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ දරුවන් අතුරින් වඩාත් අවධානය දිනාගත් දරුවා ලෙස ඉවන්කා හැඳින්විය හැකියි.


Powered by Blogger.