Header Ads

ඉන්දික තොටවත්ත විජිත රෝහණ ගැන කියූ අනාවැකිය ටක්කෙටම හරියයි

ජනපතිගේ මාරකය දුටු විජිතට ඔහුගේම මාරකය නොපෙනිලා

ජනාධිපතිට අපහාස වන අයුරින් සමාජ ජාල මාධ්‍ය හරහා අනාවැකි පළ කළ ජෝතිෂ්‍යවේදියෙකු බව කියන විජිත රෝහණ විජයමුණි නැමැත්තෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා

මීට මාස කිහිපයකට ඉහතදී ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ වීඩියෝවක් පළකරමින් ඔහු කියා තිබුණේ ජනවාරි මස 27 වනදාට ප්‍රථමව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මියයන බවයි.

එය එසේ සිදු නොවුනහොත් තමා මින් ඉදිරියට අනාවැකි කිවීම මෙන්ම සියලු ජෝතිෂ්‍යය කටයුතු වලින් බැහැර වන බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් 2017 ජනවාරි 18 වනදා ඔහු විසින් ආදාල අනාවැකිය වෙනස් කරන්නේ අප්‍රේල් මාසයේදී සෙනසුරු ග්‍රහයාගේ වක්‍ර වීමක් සිදු වන බැවින් ආදාල අනතුර මාස 10කින් කල්ගිය බවයි.

විජිත රෝහණයන්ගේ මෙම අනාවැකි පළකිරීම් සම්බන්ධව පසුගියදා ජෝතිෂ්‍යවේදි ඉන්දික තොටවත්තද සිය අදහස් පළකර තිබුණි.

2017 ජනවාරි 19 වනදා වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදා හරිමින් ඔහු පවසා තිබුණේ ජනවාරි 26 සෙනසුරු මාරුවෙන් ඉතා නරකම කාලයක් මෙන්ම ඒරාෂ්ඨක තත්වයක් ජනාධිපතිතුමාට කෙසේ වෙතත් විජිත රෝහණට උදා වී ඇතිවන බවයි.

වසර 29කට පසු විජිත රෝහණගේ ජිවිතයේ අදුරුතම යුගය ජනවාරි 26න් පසුව ඇති වන බවත් සමාජයේ අපකීර්තිමත් පුද්ගලයෙක් වනවා වගේම නිසැක වශයෙන්ම සිරගත වීමට හෝ රෝහල් ගත වීමට නිසැකවම ජනවාරි 26ත් මාර්තු මස අග කාල සීමාව තුල ස්ථිර වශයෙන්ම සිදු වන බවත්ය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න..

Powered by Blogger.