Header Ads

පෙම් පළහිලව්වක් දුරදිග යාමෙන් හෝකන්දර නිවසක් තුළදී කාන්තාවක් ගිනිතබා ගනී

හෝකන්දර - වානගුරු මාවතේ නිවසක් තුළ කාන්තාවක් ගිනිතබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

අද පෙරවරුවේ මෙම කාන්තාව සිය පෙම්වතා සමග ඇති කරගත් බහින්බස් වීමකින් පසු මෙලෙස ගිනි තබාගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ. එහිදී කාන්තාව ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පසුව පෙම්වතා ද සිරුරට ගිනි තබාගෙන ඇති අතර, ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මියගිය කාන්තාව අදාළ නිවසේ මෙහෙකාර කාන්තාව වන අතර, නිවැසියන් නොමැති අවස්ථාවක මෙලෙස සිය පෙම්වතා නිවසට ගෙන්වාගෙන ඇති බව සඳහන්. පසුව, ඔවුන් දෙදෙනා අතර එහිදී බහින් බස්වීම හට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.




Powered by Blogger.