Header Ads

වේගයෙන් කැරකෙන කතුරු ඔන්චිල්ලාවකින් දැරියක් වැටෙන හැටි (VIDEO)

චීනයේ චැන්ග්ෂින්ග්හි, උද්‍යානයක කතුරු ඔන්චිල්ලාවක විනෝදවෙමින් සිටි 14 හැවිරිදි දැරියක් ඉන් ඇද වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍ර‍චාරය වනවා.

කතුරු ඔන්චිලාව ඉතා වේගයෙන් ධාවනය වන අතරතුර ලෝහ තහඩුවක් මතට වැටෙන ඇය මියගොස් ඇත්තේ, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ය.

අනතුර සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ, යන්ත්‍රයේ මගී ආරක්ෂිත පටිය නිසි ලෙස සවි වී නොමැති බවත් එය ගැලවී යාමෙන් අනතුර සිදුව ඇති බව ත් ය. දැරියගේ අභාවය සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයින්ට අදාළ උද්‍යානයේ හිමිකරුවන් අමෙරිකානු ඩොලර් 127,000 වන්දියක් ලබා දීමට එකඟ වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. උද්‍යානයේ සියලු කතුරු ඔංචිල්ලා ධාවනයන් අත්හිටුවන ලෙස ත් උද්‍යානයේ විනෝදය සඳහා භාවිත කරන සියලු උපකරණ පරීක්ෂාවට ලක් කරන ලෙස ත් චීන බලධාරීන් අදාළ උද්‍යාන භාරකරුවන්ට නියෝග කර තිබේ.

(අධී සංවේදී අය වීඩියෝව නැරඹීමෙන් වළකින්න)

Powered by Blogger.