Header Ads

කැකිරාවේ බස් චණ්ඩි වට වෙලා රියදුරෙකුට පහර දුන් හැටි බස් රථයේ කැමරාවේ පටිගතවෙයි

අනුරාධපුර සිට කොළබ බලා ධාවනය වන පුද්ගලික බස් රථයක රියදුරුට කැකිරාව බස් නැවතුම්පළේදී පුද්ගලයන් කීහිපදෙනකු එක්ව පහර දී වාහනයට ද හානි කළ සිද්ධියක් පෙරේදා (1) දින වාර්තා විය. රියදුරාට පහර දෙන සියලු දර්ශන බස් රථයේ සවිකර තිබු සි සි ටි වී කැමරාවේ සටහන් වී තිබිණි .

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ ප්‍රභාත් මලින්ද නමැති රියදුරා බව පොලිසිය කියයි. රියදුරා පවසන පරිදි උතුරුමැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සේවය කරන කැකිරාව බස් නැවතුම්පලේ වේලාව සටහන්කරු අනුරාධපුරයෙන් බසයට ගොඩවී ඇත. කොන්දොස්තර මහතා හෝ රියදුරු මහතා මේ නව නිලධාරියාව හදුනාගෙන නැත.

කොන්දොස්තර මහතා රු 105ක් ටිකට් පතක් ලබා දුන් විට ඒ මහතා හැදුනුම්පතක් පෙන්වා තමන්ට නොමිලේ ගමන් කිරීමට ඉල්ලා ඇත. පසුව බස් රථයේ රියදුරු, අසුන ලගට කැදවා දේශපාලන බලය පෙන්වා පරුෂ වචනයෙන් බැනවැදී ඇත.පසුව එම පුද්ගලයා ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන කැකිරාව දක්වා පැමිණ ඇත.

කැකිරාවේදී තවත් මැර කණ්ඩායමක් සමග බස් රථයේ පැමිණි පුද්ගලයා රියදුරු අසුනට පැමිණ පහර දී නැවත බස් රථයෙන් බැස මන්නා පිහියකින් බස් රථයට පහර දී රියදුරාවද එලියට රැගෙන පහර පිට පහර දී ඇත.

පහරදුන් බවට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිළිබඳව උතුරුමැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති උපාලි සමරජීව මහතාගෙන් විමසීමේදී තමන් මේ ගැන නොදන්නා බවත් මේ පිලිබදව පරීක්ෂණයක් පවත්වන බවත් පවසා ඇත.

රියදුරාට පහර දෙන ආකාරය බස් රථයේ කැමරාවේ සටහන් වු අයුරු පහත වීඩියෝවෙන්..

Powered by Blogger.