Header Ads

සෙනඟ ගන්න එපා කියලා බස් රථ රියදුරෙකුට තවත් රියදුරෙක් අමානුෂික ලෙස යකඩ පොල්ලකින් සලකපු හැටි

කුරුණෑගල කිරිවවුල ප්‍රදේශයේදී අද (15) උදෑසන බස් රියදුරෙකුට තවත් බස් රථයක රියදුරෙකු අමානුෂිකව පහරදෙන වීඩියෝවක් එම බස්රථයේ සවිකර තිබූ CCTV කැමරාවක සටහන් වී තිබෙනවා.

මෙම පහරදීම සිදුකර ඇත්තේ මැල්සිරිපුර සිට කුරුණෑගල දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක රියදුරෙකුයි.

ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ගමන් කළ පෞද්ගලික බස් රථයක රියදුරෙකු මෙලෙස පහරකෑමට ලක්ව තිබෙනවා.

මැල්සිරිපුරදී ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ගමන් කරන බස් රථවලට මගීන් ගැනීම තහනම් බවයි පැවසෙන්නේ.

එලෙස මගීන් ලබා ගත් බවට පවසමින් අදාළ බස් රථ රියදුරු පහරදී ඇති බවටයි වාර්තාවුණේ.

පහරදීමෙන් තුවාළ ලැබූ බස් රථ රියදුරු මේ වනවිට කුරුණෑගල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පහරදීම සිදුකළ පුද්ගලයා යකඩ පොල්ලක් රැඟෙනවිත් මෙම රියදුරුට අමානුෂිකව පහරදෙන වීඩියෝව පහතින් දැක්වේ.

Powered by Blogger.