Header Ads

රස්සාවක් දෙනවා කියලා සිහින මවලා තරුණියන් ගණිකාවන් කරපු හැටි හෙළිවෙයි

කාන්තාවන් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවූ අඹුසැමි යුවලක් කාම්බෝජයේ බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර පිරිමි පුද්ගලයා ජපන් ජාතිකයෙක් වන බවත් කාන්තාව කාම්බෝජ ජාතිකයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අදාල කාන්තාවන්ට රැකියා ලබා දෙන පවසා ඔවුන් ප්‍රථමයෙන් ජපානයට යවා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

පසුව එම කාන්තාවන් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවා ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අයුරින් කාම්බෝජ ජාතික කාන්තාවන් 7 දෙනෙකු ගණිකා වෘත්තියේ යොදවා ඇති බවට හෙළිවී තිබෙනවා.

ආපන ශාලාවක රැකියාවක් ලබාදෙන බව පවසමින් ඔවුන් ජපානයට යැවූ බවයි එම කාන්තාවන් විසින් බලධාරීන් වෙත ප්‍රකාශකර ඇත්තේ.

අදාල කාන්තාවන් අතර සිටි එක් කාන්තාවක් විසින් ෆේස්බුක් ඔස්සේ පළකර තිබූ තොරතුරකට අනුවයි මෙම සැකකාර යුවල අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අදාළ පරීක්ෂණ අතරතුර මෙලෙස බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවා සිටි තායි කාන්තාවන් දසදෙනෙකුද බේරාගෙන ඇති බවයි අදාළ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එහිදී ද සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ජාවාරම සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන කාම්බෝජයේ බලධාරීන් පෙන්වා දෙන්නේ මෙම කාන්තාවන් සියලු දෙනා එකම කල්ලියක ජාවාරම් කරුවන් පිරිසක් විසින් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවා ඇති බවට සැකපලකරන බවයි.
Powered by Blogger.