Header Ads

උපකාරක පංති මුවාවෙන් පෙම් සුව විඳි පාසල් පෙම්වතුන්ට වෙච්ච වැඩේ

ගම්පහ බස්නැවතුම්පොළ, දුම්රිය ස්ථානය, නව මිනුවන්ගොඩ මාර්ගය සහ උඩුගම්පොළ ප්‍රදේශයේ ඇවිදින මංතීරුව ආශ්‍රිතව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමක දී උපකාරක පංති වලට සහභාගී වීමට පැමිණ පෙම්සුව විඳිමින් සිටි තරුණ තරුණියන් 87 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහි දී තරුණයින් අට දෙනෙකු ළග තිබී මත්වීමට යොදාගන්නා ද්‍රව්‍ය කිහිපයක් ද සොයාගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ මොවුන් උපකාරක පංති වලට සහභාගී වීමට යැයි නිවසින් පැමිණ ඇති බවයි.

එසේ අත්අඩංගුවට ගත් පිරිස අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ පාසල් කිහිපයක සිසුන් ද සිටිනවා.

පසුව ගම්පහ පොලීසිය විසින් ඔවුන්ව පොලිස් දේශන ශාලාව වෙත කැඳවාගෙන ගොස් මේ අයුරින් අශෝභන ලෙස හැසිරීමෙන් සිදුවිය හැකි හානිදායක තත්ත්වයන් පිළිබඳ පැහැදිලි කර නැවතත් එසේ අසුවුවහොත් දැඩි දඬුවම් ලබාදෙන බවට පවසා මුදාහැර තිබෙනවා.

Powered by Blogger.