Header Ads

එළිසබෙත් මහ රැජිනත් නිදහසට සුබ පතයි!

අදට යෙදී ඇති ශ්‍රී ලංකාවේ 69 වැනි නිදහස් දිනය නිමිත්තෙන් බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින සුබපැතුම් එක් කර තිබේ.

සුබ පැතුම් පණිවුඩයක් නිකුත් තරමින් ඇය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ 69 වැනි නිදහස් දිනයට සියලුම ශ්‍රී ලාංකිකයින්ට සුබ පැතුම් එක් කරන බවයි.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අමතමින් එවා ඇති එම පණිවුඩයේ දැක්වෙන්නේ මෙරට නිදහස් දිනය වෙනුවෙන් තමා ඉතසිතින් සුබ පතන බවයි.

ශ්‍රී ලාංකික ජනතාවට ඉදිරි වර්ෂයේදී සතුට හා වාසනාව උදාවේවා යැයි තමා ප්‍රාර්ථනා කරන බවද බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින ප්‍රකාශ කර තිබේ.
Powered by Blogger.