Header Ads

බීමත් රියදුරෙක් ‘මහින්දගේ’ පෙරගමන් රථයේ ගැටේ – අනතුරේ ඡායාරූප මෙතැනින් බලන්න

විශේෂ කාර්ය බලකා සෙබළු රැගත් ඩිපෙන්ඩර් ජීප් රථයක් අද (2) පෙරවරුවේ පේරාදෙණිය කිරිඹත්කුඹුර ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලද ත්‍රිරෝද රථ රියදුරා තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කොට ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රී රෝද රථ රියදුරා අධික ලෙස බීමත්ව සිටි බව ඇල්කොහොල් පරීක්ෂණයේදී හෙළිවී ඇති අතර ඔහු සන්තකයේ රියදුරු බලපත්‍රයක්ද නොතිබු බව පේරාදෙණිය පොලිසිය සඳහන් කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක පෙරගමන් රථයක් ඔහු සහභාගී වන ආගමික උත්සවයකට ආරක්ෂාව ලබාදීමට යමින් සිටියදී මෙලෙස අනතුරට ලක්වූ බවයි වාර්තා වන්නේ.


Powered by Blogger.