Header Ads

අධ්‍යාපනය විකිණිමේ සංකේතය බවට සයිටම් පත් වෙලා

පාසල්වලින් මුදල් අය කිරීමේ සිට අද වන විට වත්මන් ආණ්ඩුව සයිටම් ආයතනය තෙක් පැමිණීමෙන් අධ්‍යාපනය විකිණිමේ සංකේතයක් බවට සයිටම් ආයතනය බවට පත් කර ගෙන ඇතැයි අන්තර් ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා චෝදනා කරයි.

ගුරු සංගම් හා ඒකාබද්ධ වෙමින් අද (13) පැවති මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමින් ඔහු මේ බව පැවසීය.

අද වන විට රට තුළ පවතින තත්ත්වය තුළින් සමස්ථ අධ්‍යාපනයම දැවැන්ත අර්බුදයකට මුහුණ දී ඇති බවත් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇතිව තිබෙන මෙම ගැටළුවට ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් ද යන්න පිළිබඳ ද මොහු විමසා සිටියේ ය.

කෙසේ වෙතත් සයිටම් ආයතනය පිළිබඳ තම ස්ථාවරය කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් නිශ්චිත වශයෙන්ම මෙම සයිටම් ආයතනය අහෝසි කළ යුතු බවත් ළහිරු වීරසේකර මහතා ප්‍රකාශ කළේය.
Powered by Blogger.