Header Ads

භික්ෂුන් වහන්සේ දෙනමකට දවල් හීන පෙන්නූ රාණි මංජුලාට අන්තිමේ වුණු වැඩේ

උසස් අධ්‍යාපනය සඳහා කොරියාවට යවන බව පවසා මෙරට වැඩසිටින බංග්ලාදේශ භික්ෂුන් වහන්සේ දෙනමකගෙන් ලක්ෂ 7ක මුදලක් ලබාගෙන වංචා කළ කාන්තාවක් හෙට (02දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය පසුගියදා (27දා) නියෝග කළාය.
එලෙස රක්ෂිත බන්ධනාගර ගත කළේ මහනුවර වටකුඹුර ප්‍රදේශයේ පදිංචි පැපිලියානේ ශ්‍රී රාණි මංජුලා තෙන්නකෝන් නමැති කාන්තාවකි.

ඇයට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය විසින් අධිකරණයට පැමිණිල්ල ගොනුකර ඇති අතර ඇයට එරෙහිව ඇති චෝදනා වනුයේ උසස් අධ්‍යාපනය සඳහා කොරියාවට යවන බව පවසා මාලඹේ ප්‍රදේශයේ විහාරයක වැඩ වාසය කරන බංග්ලාදේශ හිමිවරු දෙනමකගෙන් ලක්ෂ 3 1/2 බැගින් ලක්ෂ 7ක මුදලක් ලබාගෙන හිමිවරුන් දෙනමව මඟහැර මුදල් වංචා කිරීමයි.

හිමිවරු දෙනම කොල්ලුපිටිය පොලිසියට ඒ බව පැමිණිලි කර ඇති අතර ඒ අනුව කොල්ලුපිටිය පොලිසිය විසින් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අදාළ කාන්තාව රට යවන බවට පවසා මුදල් වංචා කළ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්ගමුව උසාවිය විසින් වරදකාරියක කළ කාන්තාවක් බවද කොල්ලුපිටිය පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇති අතර ජපානයට යවන බව පවසා හලාවත පුද්ගලයකුගෙන් ලක්ෂ 15 1/2ක මුදලක් ගෙන වංචා කළ සිද්ධියකට හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි කාන්තාවක් බවද පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.

Powered by Blogger.