Header Ads

තරුණියකට අතවර කිරීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට

දහනව හැවිරිදි තරුණියකට ජංගම දුරකථනයෙන් තර්ජනය කර බියගන්වා අපචාරයක් සිදුකිරීමට කාමරයකට රැගෙන යාමට තැත්කළ ලද විසිපස් හැවිරිදි තරුණයකු බියගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ තරුණිය මෙලෙස බියගැන්වීමත් සමඟම ඇය මේ ව බියගම පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය විසින් උපාය දූතයකු ඇය සමඟ යවා බියගම නිදහස් වෙළෙඳ කලාපයේ දෙවැනි අදියර දොරටුව අසල දී මේ තරුණයා මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකිය.

මේ තරුණයා විසින් මේ තරුණියගේ මුහුණු පොතේ රහස් අංකය ඉල්ලා තිබෙන අතර එය නුදුන්නොත් කොහොම හරි එයට ඇතුළුවී ඇයගේ ඡායාරූප විකෘති කොට ගමට යාමට නොහැකි තත්ත්වයක් උදාකරන බවට කියා තිබෙන බව ද හෙළිවී තිබේ.

මේ තරුණිය පුද්ගලික ආයතනයක රැකියාව කරන අතර තරුණයා බියගම වෙළෙඳ කලාපයේ රැකියාවක නිරත වේ.

මේ තරුණයා හා තරුණිය මොරවක ගමේ පදිංචිකරුවන් වන අතර මොවුන් බියගම ප්‍රදේශයේ නේවාසිකාගාරවල නවාතැන් ගෙන රැකියාවට යති.

මේ තරුණයා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට දැන් කටයුතු කර තිබේ. බියගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. ජී. එස්. ආර්. සංජීව, විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. කේ. විජේතිලක, සැරයන් තිලකනාථ (22594) හා ගනේවත්ත (46498) යන නිලධාරීහු මේ සිද්ධිය පිළිබඳ තවදුරටත් පරීක්ෂණ පවත්වති.
Powered by Blogger.