Header Ads

අල්ලස් ගන්න තැත් කළ පොලිස් ලොක්කා මාට්ටු

අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත ඇඹිලිපිටිය පොලිස් විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුදල් ආරවුලක් සම්බන්ධයෙන් පොලිස් ස්ථානය වෙත කළ පැමිණිල්ලකට අදාළව එම පැමිණිලිකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව පවසා එසේ නොකර සිටීමට රුපියල් 18,000ක විදුලි බිලක් ගෙවා ඊට අදාළ රිසිට් පත ලබාදෙන ලෙස පැමිණිලිකරුට දන්වා තිබේ.

ඒ අනුව අදාළ පොලිස් නිලධාරියා, පැමිණිලිකරු සමඟ විදුලි බිල ගෙවීමට බැංකුව වෙත පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

සැකකරු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Powered by Blogger.