Header Ads

බස්, වෑන්, කාර් කුඩු වුණු ආනන්ද - නාලන්ද ගැටුමට සම්බන්ධ 15 ක් පොලිස් දැලේ

කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලවල සිසුන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුම සම්බන්ධයෙන් සිසුන් 15 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කලේ මේවන විට සිද්ධිය සම්බන්ධයෙන් පාසල් දෙකේ විදුහල්පතිවරුන් සමග සාකච්ඡාවක නිරත වෙමින් සිටින බවයි.

අද දහවල් පාසැල නිම වීමෙන් අනතුරුව මරදාන සහ බොරැල්ල පොලිස් වසම්වල ස්ථාන දෙකකදී සිසුන් ගැටුම් ඇතිකර ගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශ කලා.
එහිදී තුවාල ලැබු 8 දෙනෙකු ඇතුලත් කෙරුනේ කොළඹ ජාතික රෝහලටයි.

ගැටුම හේතුවෙන් මාර්ගයේ ගමන් කල ලංගම බස් රථයක් / පෞද්ගලික බස් රථයක් / වෑන් රථ දෙකකට සහ මෝටර් රථයකට අලාභ හානි සිදුව තිබෙනවා.

සිද්ධිය පිළිබඳ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශණ පවත්වන බවයි පොලිසිය කියාසිටියේ.

මේවන විට ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් පවතින අතර පොලිස් කණ්ඩායම් කිහිපයක් ආරක්ෂාව සඳහා යොදවා ඇතැයි ද සඳහන්.

බොරැල්ල සහ මරදාන පොලිස් ස්ථාන මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Powered by Blogger.