Header Ads

අනියම් පහස පතා හොරෙන් ගෙට රිංගූ මනමාලයාට උතුර - දකුණ මාරු වී අතේ මාට්ටු වූ හැටි

සැමියා නිවසින් බැහැරව ගිය අවස්ථාවක බිරිඳගේ පහස පතා පැමිණි පුද්ගලයෙකු හදිසියේ නිවසින් පැන යාමට තැත් කරද්දි ජනෙල් කූරු අතර සිරවූ සිද්ධියක් අලව්ව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ බිරිඳගේ සැමියා ගුරුවරයෙකු වන අතර සිද්ධිය වූ දින උදෑසන ඔහු පාසල වෙත ගොස් ඇති අතර සුළු වෙලාවකට පසු නිවෙසේ අමතකව ගිය ජංගම දුරකතනය රැගෙන යාමට නැවත නිවෙසට පැමිණ තිබෙනවා.

එහිදී නිදන කාමරේ බිරිය සමග යහන්ගතව සිටි අනියම් සැමියා කලබලයට පත්ව දොරෙන් පිටව යනු වෙනුවට කාමරයේ පිහිටි ජනේලයේ කූරු මෑත් කර ඒ අතරින් රිංගා යාමට උත්සාහ කරත්දී ජනේලයේ කූරු අතර සිරවී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව සැමියා විසින් එම පුද්ගලයාට පහර දී ඇති අතර " තමුසෙ මට හැංඟි හොරා මෙච්චර දවසක් නටපු නාඩගම අද අතටම අසුවුණා. ඒ මදිවට උගලකටත් හිරවුණා නේද? අයිසේ මේ දේවල් කරන්න තව ටිකක් පුහුණු වෙන්න වෙයි. ආයේ මේ පැත්ත පළාතේ මට අසු වෙන්න ආවොත් බලාගෙනයයි" යනුවෙන් පවසා පුද්ගලයාව එළවා තිබෙනවා.

කෙසේ වෙතත් බිරිඳගේ පහස පතා පැමිණි පුද්ගලයා පසුදිනම ගම ඇතහැර ගොස් ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
Powered by Blogger.