Header Ads

ගුවන්තොට ආරක්ෂාවට සුනඛයින් යොදවයි- 20ක් ගන්න කැබිනට් අනුමැතිය

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවයේ යෙදවීම සඳහා සුනඛයින් 20 දෙනෙකු මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

සුනඛ පැටවුන් 20 දෙනෙකු මිල දී ගෙන, පුහුණු කර, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් යානා ආරක්ෂක කටයුතුවල යෙදවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

ගුවන් මගීන්, කාර්ය මණ්ඩල, මෙහෙයුම් කාර්ය මණ්ඩල හා පොදු මහජනතාව ඇතුළු සිවිල් ගුවන් සේවාවේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම සෑම රාජ්‍යයකම කාර්යභාරයක් වන බවත්, එවැනි ආරක්ෂක ක්‍රමවේදයක් වශයෙන්, පුපුරන ද්‍රව්‍ය, අවි ආයුධ, මත්ද්‍රව්‍ය, මුදල් හා නීතිවිරෝධී ද්‍රව්‍ය හඳුනාගත හැකි පුරුදු පුහුණු කළ සුනඛයින් හා මෙහෙයවන්නන් යෙදවීම ඉතා ප්‍රයෝජනවත් බවත් අමාත්‍යවරයා විසින් පෙන්වාදී තිබේ.
Powered by Blogger.