Header Ads

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තුන්වන එක්දින තරඟය අද

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තුන්වන එක්දින තරඟය අද ජොහැනස්බර්ග් හිදී පැවත්වෙනවා. අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුව හැකි බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ලහිරු කුමාර සහ ලහිරු මධුසංඛ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතයි.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රීඩක ඩෙවිඩ් මිලර් දෙවන තරඟයේදී ඇති ආබාධ තත්ත්වය නිසා තරගාවලියෙන් ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට ෆර්හාන් බෙහර්ඩීන් කණ්ඩායමට එක් කර තිබෙනවා.

මේ වන විට තරඟ පහකින් සමන්විත එක්දින තරගාවලිය 2 ට 0 ක් ලෙස ජයගෙන දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉදිරියෙන් පසුවනවා.
Powered by Blogger.