Header Ads

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එරෙහිව මානව හිමිකම් යයි

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වසර 08 ක් පමණ කාලයක් තිස්සේ නීති විරෝධී ආකාරයෙන් පවත්වාගෙන යනු ලබන මාලෙඹ් සයිටම් වෛද්‍ය උපාධි විකුණන ආයතනය නීති ගත කිරීමේ උත්සාහයක වර්තමාන ආණ්ඩුව යෙදී සිටින බව ඔවුන් කියා සිටියි.

මේ වන විට සායනික පුහුණුව ප‍්‍රමණවත් නොවීම නිසා වෛද්‍ය ආඥා පනත යටතේ එම පුද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන් ලියාපදිංචි කිරීම ප‍්‍රතික්ෂේප කර ඇතත් ශ‍්‍රී ලංකා වෛද්‍ය සහාව විසින් මොවුන් වෛද්‍ය වරුන් ලෙස ලියාපදිංචි කිරීමේ සූදානමක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි.

එබැවින් ඊට එරෙහිව මානව හිමිකම් කොම්ෂන් සභාව වෙත පැමිණිලි කිරීම අද (13) පෙරවරු 10.30 ට මානව හිමිකම් කොම්ෂන් සභා පරිශ‍්‍රයේදී සිදු කෙරෙන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.
Powered by Blogger.