Header Ads

ණය ගෙවාගන්න බැරි නිසා ලේලියව දූෂණය කරන්න කොන්ත්‍රාත්තුවක් දුන්නු නැන්දම්මාගේ ප්ලෑන් එක

සල්ලි වලට තමන්ගේ පවුලේ අය පාවා දෙන්න තරම් මිනිස්සු කුහක වෙලා තියෙනවා. තමන්ගේ ලේලිය දූෂණය කිරීමට කොන්ත්‍රාත් දීමට තරම් මිනිස්සු පහත් තත්ත්වයට වැටුණු සිද්ධියක් ගැන හුංගම පැත්තෙන් අපිට අහන්න ලැබුණා.

හුංගම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වුණු කොල්ලකරුවන් පිරිසක් විසින් එම නිවසේ සිටි අවුරුදු 43ක් පමණ කාන්තාවක් ගැටගසා දමා නිවසේ තිබූ රන් ආභරණ හා මුදල්ද ගෙන 23 හැවිරිදි විවාහක කාන්තාවක්ද දූෂණය කර පළාගොස් තිබෙනවා.

මේ පිළිබද හුංගම පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ කටයුතු සිදු කිරීමේදී නැන්දම්මාගේ ක්‍රියාකලාපය පිළිබද සැකයක් ඇති වී තියෙනවා.

පොලිස් පරීක්ෂණ දිගටම කරගෙන යද්දි මේ කොල්ලයේ ඇත්ත නැත්ත අනාවරණය කර ගැනීමට පොලීසිය සමත් වෙලා.

මෙන්න මේකයි කතාව.....

අවුරුදු 43ක් පමණ වයස නැන්දම්මා මීට වසර කිහිපයකට පෙර විදෙස් රටක රැකියාවක නිරත වුණු කාන්තාවක්.

ඇය විදෙස් රටේ මෙරටට පැමිණ නැවත විදෙස් ගත වීමට සූදනම් වෙනකොට ඇය මෙරට පුද්ගලයෙකුට ලක්ෂ 20 පමණ මුදලක් ණය වෙලා.

නමුත් එම ණය නැවත ගෙවා දැමීමට බැරි නිසා නැවතත් විදෙස් ගතවීමට එම ණයකරුවන් ඇයට අවස්ථාව දීලා නෑ.

මේකට විසදුමක් විදිහට ඇය තමන්ගේ නිවසේ දේපල කොල්ලකා ඇති බවට හැඟවීමට පිටස්තර පුද්ගලයින් දෙදෙනෙකුට නිවස කොල්ලකන ලෙස කොන්ත්‍රාත් එකක් දීලා.

ඒ කොන්ත්‍රාත් එකට අනුව නිවස කොල්ලකා තමන්ගේ ලේලිය ද දූෂණය කිරීමටද ඇය උපදෙස් දීලා.

නැන්දම්මාගේ පාපොච්චාරණයත් සමග අදාල සිද්ධිය පිළිබද සම්පූර්ණ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී තිබෙනවා.

කොල්ලකෑමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු පිටබැද්දර ප්‍රදේශයේදීත් අනෙක් පුද්ගලයා අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනාම පිටබැද්දර ප්‍රදේශයේ පදිංචිකරුවෝ වන අතර හුංගම පොලීසිය විසින් වැඩුදුර පරීක්ෂණ පවත්වයි.
Powered by Blogger.