Header Ads

අගමැති ඕස්ට්‍රේලියා සංචාරය අරඹයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඕස්ට්‍රේලියාව බලා අද (13) අලූයම පිටත්ව ගියා.

ඒ, සිව්දින නිල සංචාරයක් සඳහායි.

ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයක් මත අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයට එක්වන්නේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට 70 වසරක් සපිරීම ද නිමිති කරගනිමින්.

මෙහිදී ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට රජයේ අමාත්‍යවරුන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා වට කිහිපයකට ද අග්‍රාමාත්‍යවරයා සහභාගි වනවා.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සබඳතා තවදුරටත් තහවුරු කෙරෙන ගිවිසුම්වලට ද මෙම සංචාරයේදී අත්සන් තබනු ඇති.
Powered by Blogger.