Header Ads

අගමැතිට නියෝග දුන්නේ නෑ!

පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී අග්‍රමාත්‍යවරයාට හෝ සභා නායකවරයාට නියෝග පැනවීමක් හෝ ඔවුන් ඉලක්ක කර ගනිමින් කථානායකවරයා විසින් අවවාද කිරීමක් සිදු නොකළ බව කථානායක කාර්යාලය පවසනවා.

ඉඩම් අමාත්‍යවරයා වෙත යොමු කළ ප්‍රශ්නයකට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පිළිතුරුදීමට ගිය අවස්ථාවේදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සම්බන්ධයෙන් කථානායකවරයා විසින් සිහි කැඳවීමක් පමණක් සිදු කළ බවයි කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ස්ථාවර නියෝග සම්බන්ධයෙන් කථානායකවරයා සිදු කළ ප්‍රකාශය ඇතැම් පුවත්පත් වාර්තා කර තිබුණේ අග්‍රාමාත්‍යවරයාට සහ සභානායකවරයාට කථානායකවරයා නියෝගයක් නිකුත් කළ ලෙසයි.

එම මාධ්‍ය වාර්තාවල කරුණු සම්බන්ධයෙන් කථානායකවරයාගේ අදහස් දක්වමින් මෙම නිවේදනය නිකුත් කර තිඛෙනවා.
Powered by Blogger.