Header Ads

‘‘මේ වගේ දේවල් කරන්න එපා දැනිල ද කොහෙද? අයියාගේ ටිකක්‌ සිහි කල්පනාව අඩුයි‘‘ – ගායන ශිල්පී ප්‍රින්ස්ගේ නැගණිය ෆේස්බුක් ඔබ සැමගෙන් සංවේදී ඉල්ලීමක් කරයි

“ප්‍රින්ස්‌ අයියා මැරිලා කියලා මේ දවස්‌වල ෆේස්‌බුක්‌ එක හරහා ප්‍රචාරයක්‌ යනවා. මම කියන්නේ මේ වගේ දේවල් කරන්න එපා කියලයි. මේක දැන් අයියටත් දැනිල ද කොහෙද…? මේ වගේ වැඩ එච්චර හොඳ නැහැ…” යෑයි රෝගාතුරව සිටින ජනප්‍රිය ගායන ශිල්පි ප්‍රින්ස්‌ උදය ප්‍රියන්ත මහතාගේ නැගණිය වන ශිරෝමි ප්‍රියංගිකා පැවසුවාය.

ජනප්‍රිය ගායක ප්‍රින්ස්‌ උදය ප්‍රියන්ත මහතාට නිවන් සැප ලැබේවා යනුවෙන් මේ දිනවල මුහුණු පොතේ සංසරණය වන ඡායාරූප විස්‌තරය සම්බන්ධයෙන් විමසීමේදී ඇය එසේ කියා සිටියාය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඇය මෙසේ ද සඳහන් කළාය.

“මේ දවස්‌වල අයියා මැරිලා කියලා ෆේස්‌බුක්‌ එකේ මඩ ප්‍රචාරයක්‌ ෂෙයා වෙනවා. ජීවත්වෙලා ඉන්න කෙනකුට මේ වගේ දේවල් ෆේස්බුක්‌ එකේ දැම්මාම කොච්චර වේදනාවක්‌ අපිට එනවද? අයියා තාම අසනීපෙන් ඉන්නේ. රෝහලෙන් ගෙදර අරන් ආවා. දැන් බෙහෙත් කෝස්‌ එකක්‌ යනවා. අයියාට ටිකක්‌ සිහි කල්පනාව අඩුයි. මේ වැඩේ අයියගේ තරහකාරයෙක්‌වත් කරනවද මම දන්නේ නැහැ. ඒත් අයියගේ සංගීත කලාව තුළ අයියා කාටවත් වරදක්‌ කරලා නැහැ.”
Powered by Blogger.