Header Ads

දොස්තරලාට අලුත් නීතියක්….

සැත්කමකට ලක්කළ රෝගියෙකුගේ අවදානම් තත්ත්වය මග හැරෙන තෙක් එය සිදු කළ විශේෂඥ වෛද්‍යවරයා ඔහු අසල සිටිය යුතු බවට වන නව රේගුලාසියක් පැනවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

බොහෝ පෞද්ගලික රෝහල්වල සැත්කම් සිදු කළ විගස විශේෂඥ වෛද්‍යවරු වෙනත් රාජකාරී සඳහා බැහැරව යන බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ. ඉන් රෝගී ජීවිත අවදානමකට ලක්වීම අවම කිරීම බලාපොරොත්තු වනවා.

මෙම රේගුලාසිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීමට පසු විපරම් කිරීමේ පරික්ෂණ කණ්ඩායමක් ද යෙදවීමට තීරණය කර තිබෙනවා. මෙම නව රෙගුලාසිය හේතුවෙන් පෞද්ගලික රෝහල්වල සැත්කම් සඳහා ගෙවන මුදලට සරිලන ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට රෝගීන්ට පහසුකම් සැලසෙන බව අමාත්‍යංශය විශ්වාසය පල කරනවා.
Powered by Blogger.