Header Ads

අතුරුදන් වූ මෑන් පවර් උප සභාපතිවරයා අද අලුයම හමුවෙයි

කොළඹ - කොටුවේ සත්‍යග්‍රහයක නිරතව සිටියදී අතුරුදන් වූ මෑන් පවර් සේවක සංගමයේ උප සභාපති එම්.එස්. මංගල ඉංගිරිය ප්‍රදේශයේදී අද අලුයම හමුවී තිබෙනවා.

ඉංගිරිය පොලීසිය සදහන් කළේ වෑන් රථයකින් රැගෙනවිත් තමන් ඉංගිරිය ප්‍රදේශයේ දමා ගිය බවට ඔහු ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.

මේ වන විට මෑන් පවර් සේවක සංගම් උප සභාපතිවරයා වැඩිදුර පරීක්ෂණ සඳහා පිළියන්දල පොලීසිය වෙත භාර දී තිබෙනවා.

පසුගිය සෙනසුරාදා කොටුවේ සත්‍යග්‍රහය අතරතුර නිවසට පැමිණෙන බව පැවසූ සිය සැමියා අතුරුදන්ව ඇති බවට බිරිද විසින් පිළියන්දල පොලීසියට පැමිණිලි කර තිබුණා.
Powered by Blogger.