Header Ads

මේ විදියට චන්ඩි ඇවිත් ගහන්නේ තිරිසන් සතෙකුට නෙමේ මිනිහෙකුට

නතර කරපු සුදු පාට කාර් එකක් ලගට ත්‍රිවිල් එකක් එනවා. එකෙන් බහින්නේ තරුණයින් කිහිපදෙනෙක්. බැලු බැල්මට හිතෙන්නේ මේගොල්ලෝ ගමේ චන්ඩි කියලා. එහෙම නැත්නම් පොලිස් බල ප්‍රදේශයක් ඇතුලේ ප්‍රසිද්ධියේ මේ වගේ තිරිසන් ක්‍රියාවක් කරන්න බැහැ. ත්‍රිවිල් එකේ හිටපු කට්ටිය කාර් එකේ හිටපු මනුස්සයට සතෙකුට වගේ පහර දෙනවා.

මේ සිද්ධිය දකිද්දීනම් හිතෙන්නේ ඇත්තටම නීතිය රකින නිලධාරීන් එදා නිවාඩු ද කියලා.

කටුගස්තොට පොලිස් වසමේ පහල බෝකලවලදී සිද්ධවන මේ පහරදීමෙන් රෝහල්ගත වන්නේ 43 හැවිරිදි ගරාජ් හිමියෙක්. මේ මනුස්සයා බේර ගන්න පිරිසක් උත්සහා කරද්දීත් ඔහුට පහර දෙනවා. ඒ සමහරවිට මේ කල්ලිය පළාතේ චන්ඩි නිසා වෙන්න ඇති.

ඒකයි අසල්වාසීන් බලන් ඉන්නවා ඇර මේකට විරුද්ධව හඬක් නගන්නේවත් නැත්තේ. කොහොමවුනත් කටුගස්තොට පොලීසිය දැන් මේ ගැන පරීක්ෂණ පවත්වනවලු.

Powered by Blogger.