Header Ads

ෆේස්බුක් ගැන තීන්දුවකට සාකච්ඡාවක් තියෙනවා-අමාත්‍යංශයට ඉස්සරහින් කණ්ඩායමක් ඉන්නවා

අත්හදා බැලීමක් හැටියට දවසකට ෆේස්බුක් නතර කර බැලීමට සිත්වන බව ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්, නීතිඥ නිමල් බෝපගේ මහතා පවසයි.

ෆේස්බුක් මගින් අපහාස සිදුවන බවට හානි වන බවට පැමිණිලි වැඩිවෙමින් පවත්නා බවත්, ඒ නිසා ඒ සම්බන්ධයෙන් අද ගැන නොව හෙට ගැන සිතා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට සිදුව ඇති බව ලේකම්වරයා කියා සිටියේ අද (14) කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.

ඒත් ඒ තහනම් කිරීමට නොවන බවත්, ඒ සම්බන්ධයෙන් දැනට සාකච්ඡාවක් පවතින බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

හානිකර තත්ත්වයන් වලදී ෆේස්බුක් වාරණය කළ හැකි බවත්, ඒ සඳහා වන තාක්ෂණය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතු බවත් ඔහු සිහිපත් කළේය.

මේ අතර ස්වාධීන මාධ්‍ය නියාමන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අදහස් විමසා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලියවිල්ලක් ප්‍රකාශයට පත්කර ඇති බවත්, එහි අමාත්‍යංශ ලේකම් වෙනුවට ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා අත්සන් තබා ඇති නමුත් එම ලේකම්වරයා තමන් වුවත් තමන් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව බෝපගේ මහතා අවධාරණය කළේය.

මේ රටේ බහුතර ජනතාවට පත්වා දැවෙන ප්‍රශ්නය තොරතුරු දැනගැනීමේ ප්‍රශ්නයදැයි තමන් නොදන්නා බවත්, ඊට වඩා දැවෙන ප්‍රශ්න බොහෝ ජනතාවට පවත්නා බවත් ඔහු මෙහිදී කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට තමන්ට ශක්තිය පවත්නා බවට සභාපතිතුමන් ප්‍රාර්ථනා කරන නමුත්, තමන්ට ඇත්තේ ශක්තිය පිළිබඳ ප්‍රශ්නයක් නොව තම පුටුව පිළිබඳ ප්‍රශ්නයක් බව බෝපගේ මහතා සිහිපත් කළේය.

මෙම කටයුතු ක්‍රියාත්මක කළ යුත්තේ ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් බව පනතේ සඳහන්න වුවද, අමාත්‍යංශයට ඉහළින් ක්‍රියා කරන කණ්ඩායමක් සිටින බවත්, ඔවුන් මේ රැගෙන යන්නේ කොහාටද යන්න තමාටද ප්‍රශ්නයක් බවත් ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
Powered by Blogger.