Header Ads

නිදි අතරේ නාසයෙන් ඇතුළු වූ කැරපොත්තා පැය 12ක් හිස් කබලේ! – විනාඩි 45ක ශල්‍යකර්මකින් පසු පණපිටින් එළියට

සමාන්‍යයෙන් සමාජයේ බොහෝ දෙනා කැරපොත්තන්ට දක්වන්නේ පිළිකුල මිශ්‍ර බියක්.විශේෂයෙන් කාන්තා පාර්ශවය.

කැරපොත්තෙක් නිසා ඉන්දියානු කාන්තාවකට මුහුණ දීමට සිදුවූ බියජනක පුවතක් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කැරපොත්තා ඉඳලා තියෙන්නේ මේ කාන්තාවගේ හිසේ! පණපිටින්! ඒ විතරක් නෙමෙයි ඈ නිදි අතරේ නාසයෙන් තමයි මේ කැරපොත්තා ඇතුළු වෙලා තියෙන්නේ. විශ්වාස කරන්නත් අමාරු වුණාට මේ කැරපොත්තව ශල්‍යකර්මයකින් ඉවත් කරන හැටි දැක්වෙන වීඩියෝවක් පවා නිකුත් වෙලා තිබෙනවා.

වෛද්‍යවරුන් කියන හැටියට මේ කැරපොත්තා ඉඳලා තියෙන්නේ ඇගේ ඇස් දෙක අතර.

මෙම සිදුවීමට මුහුණ දුන් 42 හැවිරිදි කාන්තාව හිසේ ඇතිවූ දැඩි වේදනාවක් නිසා රෝහල් ගතවෙලා.විනාඩි 45 විතර වෑයමකින් පස්සේ කැරපොත්තව ඉවත් කරන්න වෛද්‍යවරුන් සමත්වෙලා.ඔවුන් කියන විදියට පැය 12 වගේ කාලයක් මේ කැරපොත්තා ඇගේ හිස් කබලේ ඉඳලා තියනවා..

Powered by Blogger.