Header Ads

මනාලයාට 66යි මනාලියට 106යි – සීමා මායිම් වැට කඬොළු බිඳ දමමින් විවාහයෙන් කෙලවර වූ ලොව වයස්ගතම ආදර අන්දරය

ලෝකයේ වයස්ගතම විවාහය පිළිබඳ තොරතුරක් බ්‍රසීලයේ වැඩිහිටි නිවාසයකින් වාර්තා වනවා.

මේ විවාහය සිදුව ඇත්තේ වයස අවුරුදු 106ක් වන වැලඩමීරා රොඩ්‍රිගෝස් ද ඔලිවේරා නම් කාන්තාවක් සහ 66 වියැති ඩයස් ජැකොබ් නම් පුද්ගලයා අතරයි.

වැලඩමීරා ලොව වයස්ගතම මනාලියයි.ඔවුන් දෙදෙනා හමුව ඇත්තේ හෙද මාධ්‍යස්ථානයකදියි.

‘‘මං ඔහු සමග ආදරයෙන් බැඳුනා මම ඔහුට ගොඩක් කැමතියි ඔහු මැරුණොත් මාත් මැරෙනවා‘‘ ඔලිවෙරා පවසයි.

ඇයව දුටු විගසම මට ඈ කෙරේ ආදරයක් ඇතිවුණා යැයි ජැකොබ් පවසයි..ඇය මට වඩා වයසින් ගොඩක් වැඩිමහල් වුණත් ප්‍රශ්ණයක් නැහැ මොකද ඇය මාව සතුටින් තියනවා.

මම දන්නවා ඒක ගොඩක් දුරට සාර්ථක වෙන්නේ නැතිවෙයි.ඒත් මම කැමති ඔහුගේ ඇඳුම් හෝදන්න,ඔහුට ආහාර පිලියෙල කරලා දෙන්න බිරිඳක් වගේ ඔහුව බලාගන්න ඔලිවේරා හැඟුම්බරව පවසන්නීය.

ලොව වයස්ගතම පුද්ගලයින් දෙදෙනෙකු විවාහ දිවියට පත් වූ මුල්ම අවස්ථාව ලෙසට මෙය සැලකේ.






Powered by Blogger.