Header Ads

හම්බන්තොටින් ලංකාවට ගෙනා බව කියන ‘අකිලගේ වාහනේ’ ඇත්ත කතාව

හම්බන්තොට වරායට ගෙනා මැති ඇමති වාහන අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට අයත් වාහනයක් ඇති බව සඳහන් ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ ජාල වෙත එක්කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ තමන් එවැනි වාහනයක් ඇණවුම් නොකළ බවයි.

සුදු පැහැති වාහනවලට තමන් අකමැති බවත් තමන් කළු පැහැයට හුරු වාහන පමණක් භාවිතා කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මෙය යම්කිසි පිරිසක් කරන ලද අසත්‍ය ප්‍රචාරයක් බවයි ඔහු සඳහන් කළේ.
Powered by Blogger.