Header Ads

අතක් අහිමි වූ අචලා දෑස් අරින්නැයි බලධාරීන්ට කියයි

මාතර මහ රෝහලේ කාර්ය මණ්ඩලය අතින් සිදු වූ බව කියන වරදක් හේතුවෙන් අතක් අහිමි වූ නීති ශිෂ්‍යාව වන අචලා පි‍්‍රයදර්ශනී අද නීතිඥවරියක් ලෙස කටයුතු කරනවා.

සැත්කමක් මගින් ඉවත් කළ ඇගේ හුරු අත නොමැතිව ජීවිතය ජය ගත් අචලා ප‍්‍රියදර්ශනී ජීවිතයට මුහුණ දෙන ආකාරය පිළිබඳව නෙත් නිවුස් සොයා බැලීමක් කළා.

එහිදී ඇය සඳහන් කළේ “2013 වසරේ ජනවාරී මාසයේ මම මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නා. මම වැටිලා අත අනතුරකට ලක්වුණා. එහිදී දාපු ප්ලාස්ටරය තදවීම නිසා මගේ අතේ අස්ථි බිඳි ගොස් තිබුණා. ඒ නිසා මට අත අහිමි වුණා. ඒ කාලයේ මේ සිද්ධිය රටේ ආන්දෝලනාත්මක සිද්ධියක් වුණත්..අද වනකොට බොහෝ දෙනෙකුට මේ සිද්ධිය අමතක වෙලා තියෙනවා. මම මගේ අත වෙනුවෙන් තනිවම සටන් කරනවා. මගේ පෙම්වතා මාව විවාහ කරගන්න කැමති වුණා. මගේ වැඩවලට උදව් කරන්න ගිහින් ඔහුට ඔහුගේ රැකියාව පවා අහිමි වී ගියා. මම දැනුත් කියන්නේ මේ වගේ නොසැළකිළිමත් ක්‍රියා ගැන බලධාරීන්ගේ ඇස් දැන්වත් විවර විය යුතුයි කියලයි.” යනුවෙනි.


Powered by Blogger.