Header Ads

වෙල්යායක හෙළ කුල සිරිතට මගුලක් කෑ කතාවේ ඇත්ත මෙන්න….

වෙනසක් සමගින් වෙල් එළියේ අපූරු විවාහ මංගල්‍යයක් පැවැත් වූ අයුරු දැක්වෙන ඡායාරූප පෙලක් මේ දිනවල සමාජ මාධ්‍ය මෙන්ම වෙබ් අඩවි ඔස්සේද ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

එහි සැඟවුණු කතාව වන්නේ මනාළියගේ පාර්ශවයෙන් මංගල්‍යයට තිබූ අකමැත්ත නිසාම ඔවුන්ට අඩු වියදමින් විචිත්‍ර‍ත්වයෙන් යුත් මංගල උත්සවයක් පැවැත්වීම බව මනාළයා වන යසන්ත බුද්ධික පවසනවා. ඔහු පවසන්නේ ගමේ වෙල් එළියේ සුදුසු තැනක් තෝරාගෙන පරිසර හානියද අවම වන අයුරින් තම මංග්‍යය පැවැත්වූ බවය.

ඉපැරණි ක්‍ර‍මයට පොල් අතුවලින් සෑදු මගුල් මඩුවේ ආහාර පාන සූදානම් කර තිබූ අතර, මංගල පෝරුව කුඹුරු යාය ආසන්නයේම ගොක්කොල යොදාගෙන විචිත්‍ර‍වත් ලෙස සකසා තිබෙනු දක්නට ලැබුණා. ඉවතලන පොල් කොට සහ ලෑලි යොදාගෙන උත්සවයට පැමිණි සියයක් පමණ වූ අමුත්තන්ට අසුන් පනවා තිබුණා.

යසන්ත බුද්ධික කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිධරයකු වන අතර මනාළිය උපාධි අපේක්ෂිකාවක වනවා.
Powered by Blogger.