Header Ads

කඩු, කිනිසි රැගෙන පැමිණි පිරිසක් යාපනය වෙළඳසැලකට දුන්න ගේම් එකේ CCTV දර්ශන මෙන්න

යාපනය - නල්ලූර් - අරසඩි මං සන්ධියේ පිහිටි වෙළඳසැලකට කඩු, කිනිසි රැගෙන පැමිණි පිරිසක් පහර දී තිබෙනවා.

මුහුණු ආවරණය කර යතුරුපැදියකින් පැමිණි පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති අතර, අනතුරුව ඔවුන් වෙළඳසැලට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් ද එල්ල කර පළා ගොස් ඇති බවයි යාපනය පොලීසිය සඳහන් කළේ.

ප්‍රහාරයෙන් වෙළඳසැලේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද තුවාල ලබා තිබෙනවා.

ඔවුන් මේ වන විට යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සැකකරුවන් පහර දෙන අයුරු වෙළඳසැලේ CCTV කැමරාවේ ද සටහන්ව ඇති බවයි පොලීසිය කියා සිටියේ.

ඒ අනුව සැකකරුවන් හඳුනා ගැනීමට විමර්ශනයක් ආරම්භ කර ඇති බව යාපනය පොලීසිය කියා සිටියා.

මෙය ආවා කල්ලියේ ප්‍රහාරයක්දැයි ආරක්ෂක අංශ සැකපළකරන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

එම අවසථාව වෙළඳසැලේ CCTV කැමරාවල සටහන්ව තිබුනේ මේ අයුරින්.

Powered by Blogger.